පාසල් දරුවන් සඳහා නොවැම්බර් මස පස්වන දින වන විට ලබාදීමට නියමිතව තිබූ නිල ඇඳුම් වවුචර රජයේ මැදිහත්වීම හේතුවෙන් බෙදාහැරීම නතර කර තිබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ හේතුවෙන් පාසල් දරුවන්ට ලබන වසර සඳහා පාසල් නිල ඇදුම් වවුචර හිමි නොවුබවත් සඳහන් කරන අමාත්‍යවරයා මේ ක්‍රියාවලියට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඊයේ (21) අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිළිබඳ පවසයා තිබේ.