මේ විට බොහෝ ප්‍රදේශවල ජලය බැස යන බවත්, මුලතිව් කොමණමුනේ ප්‍රදේශයේ දි පස් කන්දකට යට වු 5 දෙනෙක් බේරා ගැනිමට යුද හමුදාව සමත් වි තිබේ.
විශේෂයෙන් පුත්තලම පරණ මන්නාරම් මාර්ගය මේ වන විට ද ජලයෙන් යට වි ඇති අතර හානි වු නිවාසක් සඳහා රු.10,000/= ක අත්තිකාරමක් මුදලක් ද ලබා දෙන අතර සහන සේවා දිගින් දිගට ම ක්‍රියාත්මක වන බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ආපදාවට පත් වු ජනතාව වෙනුවෙන් දිවා - රාත්‍රි නොබලා කටයුතු කරමින් සිටියි.හදිසි ඇමතුම් සඳහා 117 සහ දුරකතන ඇමතුම් අංකය පැය 24 පුරා ම ක්‍රියාත්මක බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.