නව රජයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයද සම්බන්ධ කර ගනිමින් රටේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ළඟට ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බවද අමාත්‍යවරයා
ප්‍රකාශ කළේය. නිවාස අමාත්‍යංශය තුළින් නැවත වරක් රටේ පොදු ජනතාවට සේවය ලබා දෙන බවත්, සතියට දෙවරක් මෙවැනි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවාස ලබා දීමේ වැඩසටහන ඉදිරියේදී පුළුල්කරන බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පැරා මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ලැබූ එල්.පී.ජී. අමරා ඉන්දුමතී කරුණාතිලක ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීමේ අවස්ථාවට ඊයේ (24) දින
සහභාගි වෙමිණි. නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙය සිදු කෙරිණි.
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඇය වෙත මෙම නිවස ලබා දුන් අතර සියලු පහසුකම් සහිත මෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වේ. වත්මන් රජය යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් ලබා දුන් 22 වන නිවස මෙය වේ.
මොණරාගල, මාරිඅරාව, පොල්ගහගම පදිංචි එල්.පී.ජී. අමරා ඉන්දුමතී කරුණාතිලක ක්‍රීඩිකාව 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති පැරා ආසියානු තරගාවලියේ දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම, 2016 වසරේ ඩුබායි හි පැවති පැරා ආසියානු මහද්වීප තරගාවලියේ මීටර් 200 හා මීටර් 400 ඉසව්වලින් රන් පදක්කම ඇතුළු පැරා මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත.
මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල යන මහත්වරුද එක් වූහ.