අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ (24)දින මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අමාත්‍ය තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ආගමික නායකයන්ගේ ආශීර්වාද ලබා ගැනීමට පැමිණී අමාත්‍යවරයා මුලින්ම අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වූ හලීම් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තැපැල් සේවාව ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ සංවර්ධනය කළහොත් තැපෑලද ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි බවයි. එමෙන්ම යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තැපැල් කාර්යාල විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සියල්ල යළි ස්ථාපිත කිරීමේ වැඩසටහනක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවද පැවසීය.
DMU/Kandy