එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යවසනයන් අතර ප්‍රධාන ව්‍යවසනයක් වන්නේ ද සුනාමි ව්‍යවසනයයි. සුනාමි ව්‍යවසනය හෙතුවෙන් අතිවිශාල දේපළ හා ජීවිත රැසක් ජාතියට අහිමි විය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ මගපෙන්වීම මත එහිදී මියගිය ජනතාව සිහිපත් කිරීම සදහා අද දින පෙ.ව.9.25 සිට පෙ.ව.9.27 දක්වා නිහඬතාවක් පළ කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය කටයුතු කළ අතර ඉන් අනතුරු නුවරඑළිය දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක මාකදුරේරතන හිමියන් විසින් ධර්ම දේශණයක් හා සෙත් පිරිත් දේශනාවක් සිදුකර මියගිය අයට පිං පමුනුවා පැන් වැඩිමක්ද සිදු කළහ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.
DMU/Nuwara Eliya