ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ජල ගැල්මෙන් විපතට පත් ජනතාවට කඩිනමින් වන්දි- ආපදා කළමනාකරණ අමාත්‍ය

    දෙසැම්බර් 26, 2018

    උතුරේ දිස්ත්‍රික් 05ක පුද්ගලයින් 75000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්කමින් හටගත් ජල ගැල්ම හේතුවෙන් හානියට පත් නිවාස දේපළ, ගොවිබිම් හා පුද්ගලයින්ට වන්දිගෙවීමට රජය පියවර ගන්නා බවත් ඒ සඳහා දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරන් මගින් දැන් සංඛ්‍යාෙල්ඛන සකස් කරගෙන යන බවත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

     අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද(26) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසිය.

     උතුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 කට මෙයින් බරපතල හානි සිදුවී ඇති අතර ඔවුන්ට පිසූ ආහාර සහ වියළි ආහාර බෙදා හැරීම දැන් සිදුකරගෙන යන බවත් පැවසූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මැදිහත් වී විපතට පත් දහස් ගණනක් බේරා ගෙන තිබෙන බවද අමාත්‍යවරයා කීය.

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත්පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ජලය බැස යමින් පවතින බැවින් කඳවුරු වල සිටින ජනයා යළි ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පෙර හානි වී නොමැති නිවාස පිරිසිදු කිරීම, ළිං පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡා සංවිධානවල සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව පැවසිය.

    එසේම විපතට පත් ජනතාවට රජයෙන් සහයන ආධාර වලට අමතරව දකුණේ ජනතාවගෙන්ද සහනාධාර එකතුකොට ලොරි 100ක් පමණ උතුරට යැවීමට කටයුතු කරගෙන යන බවද වජිර අබේවර්ධන මහතා තවදුරටත් කීය.

    මෙම ජලගැල්මෙන් විශාල හානියක් සිදු වී තිබෙන්නේ පාසල් දරුවන්ටයි. ඔවුන්ගේ පොත් පත් ,ඇඳුම්,පාසල් උපකරණ ජලයෙන් විනාශ වී ගොස් තිබෙනවා. එම සිසුන්ට අලුත් පොත් පත්,පාසල් බෑග්, පාවහන් හා නිල ඇඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කරගෙන යනවා යැයිද ඒ මහතා සඳහන් ක‍ළේය.

    ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති ජේ.සී අලවතුවල සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද  මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya