ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ගංවතුර තත්තවයක දි පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කරයි

    දෙසැම්බර් 27, 2018

    හදිසි ගංවතුර ආපදා තත්ත්වයක දි ජනතාව ප්‍රතිචාර දැක්වි යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

    හදිසි ගංවතුර තත්ත්වයක දි ජලයෙන් වැසුණු බිමේ සහ ගංවතුරේ සෙල්ලම් කිරිමෙන්,ඇවිදිමෙන් වළකින්න. විදුලි සැර වැඳිම් වළක්වා ගැනිමට කැඩුණු රැහැන්,පේණු අසලින් ඉවත් වන්න.විදුලි කොටන,අකුණු ගසන විට ආරක්ෂිත, ආවරණ වු තැනකට යන්න.මිට අමතරව දියර ලෙස මළපහ වේ නමි ජීවනි ප්‍රතිකාර පටන් ගන්න.වහාම සෞඛ්‍ය කණ්ඩායම් හමුවන්න.උණ,කැස්ස,පලු දැමිම වයැනි රෝග ලක්ෂණ තිබේ නම්, වහාම සෞඛ්‍ය කණ්ඩායම් හමුවන්න.
    තුවාල පිරිසිදු කොට ආවරණය කර තබා ගන්න. කැළි,කසල නියමිත තැන්වලට ම බැහැර කරන්න. ප්ලාස්ටික් බඳුන් ,සිලිකවර,කෑම කොළ තැන තැන නොදමන්න. මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න.මදුරුවන් බෝවීම වළක්වා ගන්න.
    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පැදිය යුතු සෞඛ්‍ය පුරුදු පිරිසිදු පානීය ජලය භාවිත කරන්න. හැකි සෑම විට ම පිසූ ආහාර ම ගන්න.සිතල වු පරණ වු ආහාර නොගන්න.
    ආහාර වසා ආරක්ෂිතව තබන්න. ආහාර ගැනිමට පෙර සබන් යොදා දෑන් සෝදා ගන්න. ළදරුවන් සඳහා සෑම විට ම මව්කිරි පමණක් ම දෙන්න. ප්‍රසූතියට ආසන්න සමයේ සිටින ගර්භණි මව්වරුන් රෝහල වෙත යවන්න.
    කඳවුරුවල සිටින්නේ නම් දරුවන් ලිංගික හිංසා,පිඩා වලින් රැක ගන්න.

    දරුවා තනි නොකරන්න. මළපහ කිරිම සඳහා වැසිකිළයක් ම භාවිත කරන්න.  වැසිකිළි යාමෙන් පසුව සබන් යොදා දෑත් සෝදා ගන්න. පිරිසිදු සනිපාරක්‍ෂක තුවා භාවිත කරන්න. කුඩා දැවන්ගේ මළපහ වුවද වැසිකිළි වලට දමන්න.
    ළිං ජලය ක්ලෝනීකරණය කර ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හමුවන්න . 

    ඕනැම සෞඛ්‍ය ගැටලුවක දි වෛද්‍ය උපදෙස් සඳහා පැය 24 පුරා ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ,සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ක්ෂණික දුරකතන අංක සුවසැරිය - 0710107107 අංකය අමතන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya