අමාත්‍යවරය මේ බව සඳහන් කළේ, දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරු සමඟ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැති රැස්වීම අමතමිනි.
පසුගිය දිනවල උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සිදුවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් පවුල් 29,119ක පද්ගලයන් 91,762ක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. මේ වනවිට ආරක්ෂිත ස්ථාන 26ක පවුල් 2841ක පුද්ගලයන් 8905 දෙනකු සිටින අතර පූර්ණ හානියට ලක්වූ නිවාස සංඛ්‍යාව 110ක් ලෙසත් අර්ධ හානි සිදුවූ නිවාස 2381ක් ලෙසත් හඳුනාගෙන තිබෙනවා.
ආපදාවට ලක්වූ මුලතිව්, කිලිනොච්චිය, යාපනය, වව්නියාව, මන්නාරම, පුත්තලම, මහනුවර හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි සියලුම දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ආපදාවට ලක්වූ පුද්ගලයන්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් ලබා දී තිබෙනවා. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පිළිබඳ පෞද්ගලිකවම සොයා බලා පීඩාවට පත්වූ ජනතාවට කඩිනමින් සහන සැළසීමටත් ඔවුන්ගේ ජනජීවිතය ඉක්මණින් යථා තත්ත්වයට පතකිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම පුද්ගලිකවම ලබා දුන්නා.
මූළික වශයෙන් ම පිසූ ආහාර, ඖෂධ සහ පානීය ජලය හැකි ඉක්මණින් ලබාදීමට දැනටමත් කටයුතු යොදා තිබෙන අතර ජලය අනෙකුත් අවශ්‍යතා සඳහා ද හැකි සියලු පහසුකම් සැපයීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මූළිකත්වයෙන් ආපදා කළමනනාකරණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එමෙන් ම යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව අවශ්‍ය ගලවාගැනීමේ කටයුතු විශාල වශයෙන් සිදුකළා වගේම තවදුරටත් එවැනි ගලවාගැනීම් සිදුකරමින් තිබෙනවා.
අද (27) උදෑසන වනවිට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි සිදුවූ හානිය පිළිබඳ වාර්තා වී ඇත්තේ පහත සඳහන් ආකාරයෙන්
මුලතිව් දිස්ත්‍රික්කය
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 8,282
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 26,805
පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 85
අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 1954
දැනට පවත්වාගෙන යන කඳවුරු සංඛ්‍යාව 10
කඳවුරුගතව සිටින පවුල් සංඛ්‍යාව 1512
කඳවුරුගතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 4713
කිලිනොච්චි දිස්ත්‍රික්කය
මියගිය සංඛ්‍යාව 01
තුවාල ලැබූවන් 02
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 16,076
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 50,288
පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 25
අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 521
දැනට පවත්වාගෙන යන කඳවුරු සංඛ්‍යාව 12
කඳවුරුගතව සිටින පවුල් සංඛ්‍යාව 1282
කඳවුරුගතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 4046
මන්නාරම දිස්ත්‍රික්කය
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 39
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 141
දැනට පවත්වාගෙන යන කඳවුරු සංඛ්‍යාව 01
කඳවුරුගතව සිටින පවුල් සංඛ්‍යාව 27
කඳවුරුගතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 85
වව්නියාව දිස්ත්‍රික්කය
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 152
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 516
අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 02
දැනට පවත්වාගෙන යන කඳවුරු සංඛ්‍යාව 03
කඳවුරුගතව සිටින පවුල් සංඛ්‍යාව 20
කඳවුරුගතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 61
යාපනය දිස්ත්‍රික්කය
මියගිය සංඛයාව 01
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 4,257
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 12,642
ව්‍යාපාරික ස්ථානය හානි 01
මහනුවර දිස්ත්‍රික්කය
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 199
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 890
අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 01
පුත්තලම දිස්ත්‍රික්කය
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 12
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 52
අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 01
ගම්පහ දිස්ත්‍රික්කය
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 102
පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 418
අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 102
මෙම සංඛ්‍යාත්මක දත්තයන් දැනට වාර්තා වී ඇති ආකාරය වන අතර ඉදිරියේ දී මෙය වෙනස් විය හැකි බව ද සඳහන් කළ යුතුයි. මේ වනවිට ගංවතුර තත්ත්වය බැස යමින් පවතින බැවින් තමන්ට යම් හානියක් හෝ පීඩාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ ගමේ සිටින ග්‍රාම නිලධාරීවරයා හෝ වෙනත් ඕනෑම රජයේ ක්ෂේත්‍ර නිලධාරියකු මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒ පිළිබඳ කඩිනමින් දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටිමි.
තමන්ට යම් හානියක් සිදුව ඇත්නම් සෘජුව ම 1902 කෙටි අංකය ට ඕනෑම දුරකථන ජාලයකින් ඇමතුමක් ලබා දී තමන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැනුම් දීමට මහජනතාවට අවශ්‍ය පහසුකම් අප අමාත්‍යාංශය මගින් සපයා දී තිබෙනවා. මෙලෙස 1902 හදිසි ඇමතුම් අංශයට කරනු ලබන දැනුම් දීම් සෘජුවම අමාත්‍යාංශ ලේකම්තුමාගේ අවධානයට යොමුකර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ඉටුකිරීමට ද කටයුතු යොදා තිබේ. සිදුවූ හානි සහ විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන සහ වන්දි ලබාදීමට කටයුතු කරනවා.
ඉතිහාසයේ පළමු වතාවට රජයක් ලෙස අපි මේ රට සියලු පුරවැසියන් ආපදා අවස්ථාවක දී විපත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රක්ෂණය කර තිබෙනවා. ඒ නිසා හානියට පත් සියලු පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් සහ ආධාර මුදල් ලබාදීමට රජයක් ලෙස අප කටයුතු කරනවා. එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ස්ථිර වශයෙන් ම තීරණය කළ හැකිවන්නේ ආපදාවව පළිබඳ අවසන් වාර්තා සැකසීමෙන් පසුව. නමුත් මේ වනවිටත් කඩිනමින් ලබාදිය
යුතු සහන සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් දිසාපතිවරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. ඒ නිසා ගැටලුවක් නැතිව සහන සේවා සැපයීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතිනවා.
එමෙන් ම අප දන්නවා මෙවැනි විපතක් සිදුවූ අවස්ථාවල දී දකුණේ සුනාමිය, ගංවතුර වැනි අවස්ථාවල දී උතුරේ ජනතාව ඉදිරිපත් වූ දකුණේ තම සහෝදර ජනතාව වෙනුවෙන් විවිධ උපකාර ආධාර පරිත්‍යාග ලබාදුන්නා. මේ අවස්ථාවේ දී දකුණේ ජනතාව උතුරේ සිටින තම සහෝදර ජනතාව වෙනුවෙන් එවැනි පරිත්‍යාග රැස්කරමින් සිටිනවා. එවැනි පරිත්‍යාග සිදුකරන අවස්ථාවල දී දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු මගින් පරිත්‍යාග
කිරීම් කරන්න කියා මා ඉල්ලා සිටින්න කැමතියි. එවිට ඔබ සිදුකරන එවැනි පරිත්‍යාග අත්‍යාවශ්‍යම සහ සුදුසුම ස්ථාන වෙත යොමු කරන්න දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකියාව ලැබෙනවා.
මෙවැනි ආපදා අවස්ථාවක දී අප වඩාත් සැළකිලිමත් විය යුතු කරුණක් වන්නේ සනීපාරක්ෂක හා සෞඛ්‍යආරක්ෂක තත්ත්වයන් පිළිබඳව. ඒ නිසා වතුර බැසගිය වහාම ජලයෙන් යටවී තිබූ ළිං පිරිසිදු කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. නමුත් ළිං පිරිසිදු කිරීම දවසකින් හෝ දෙකකින් අවසන් කළ නොහැකියි. මේ සඳහා කාලයක් ගත වනවා. එබැවින් ළිං පිරිසිද කිරීම කඩිනම් කිරීමට අප අවශ්‍ය පියවර ගන්නවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ හානි පිළිබඳ ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රදේශයේ ඕනෑම ක්ෂේත්‍ර නිලධාරියකුට හෝ කඩිනමින් දැනුම් දෙන ලෙසයි.