ලබන වසරේදී විදේශ ගමන් බලපත් වල ගුණාත්මක භාවය වැඩි දියුණු කොට විද්‍යත් ගමන් බලපත්‍ර " ඊ පාස්පෝට්" නිකුත් කිරීමට කටයුතු යොදා ගෙන යන බවද ඒ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට කීය.
විද්‍යුත් ගමන් බලපත් සැකසීම සඳහා දැන් ටෙන්ඩර් කැදවා ඇත. ලබන වසර අගදී ඒවා නිකුත් කිරීමට හැකි වනු ඇති බවද රණසිංහ මහතා තවදුරටත් පැවසීය.
මේ අතර ජනවාරි 1 දා සිට නිකුත් කරනු ලබන්නේ සියලුම රටවල් සඳහා වන විදේශ ගමන් බල පත්‍ර පමණි. මෙතෙක් කල් මැදපෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කළ ගමන් බල පත්‍ර දෙසැම්බර් 31 දා සිට නතර කෙරේ. එහෙත් දඹදිව වන්දනාකරුවන් සඳහා ඉන්දියාව හා නේපාලයට පමණක් වූ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිගටම සිදුකරන බවද එම්.එන්.රණසිංහ මහතා කීය.