ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    පෙළපොත් බෙදාහැරීම පාසල් නිවාඩුවට පෙර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස්

    දෙසැම්බර් 29, 2018

    පාසල් ආරම්භ කරන විට සිසුන්ට අවශ්‍ය පෙළ පොත් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

    අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තමා සැමවිටම ජාතික ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ බවත් කිසි විටෙකත් තමා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග දේශපාලනය පටලවා නොගත් බවත් අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා, පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කළ සියලු වැඩසටහන් සක්‍රීය කිරීමට පියවර ගන්නා බව ද අවධාරණය කළේය.

    සුරක්ෂා සිසු රක්ෂණාවරණය, ළගම පාසල හොදම පාසල වැඩසටහන, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ආදී වැඩසටහන් රැසක් මේ වන විට අඩාල වී ඇති බවත් වහාම ඒවා යථා තත්වයට පත් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya