සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කොළඹ ජාතික රෝහල, ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය ඇතුලු තවත් ආයතනවලින් එකතු කරන ලද වියළි ආහාර මළු සහ ළදරු නිෂ්පාදන මෙහිදී බෙදා දෙන ලදි.
බෙදා දුන් මුළු සහනාධාර තොඟයේ වටිනාකම රුපියල් කෝටි 02 කට අධික වෙයි. ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් මුරුගානන්දා ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ පවුල් 400 කට සහ මුලතිව් සුගන්දිරම්පුරම් ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ පවුල් 600 කට වියළි ආහාර මළු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී බෙදා දෙන ලදි. මෙම කඳවුරු දෙකට බෙදා දීමෙන් පසු ඉතිරිවල වියළි ආහාර මළු ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් සෙසු අවතැන් කඳවුරුවලට බෙදාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා - “මෙම අවස්ථාව උතුර දකුණ යා කරන සංහිදියාවේ වැඩපිළිවෙළක තවත් කොටසක් වෙනවා. මම සංහිදියාව වෙනුවෙන් ජීවිත කාලය පුරාම වැඩ කර තිබෙනවා. මම යුද්ධයට විරුද්ධයි. උතුරේ ජනතාව වසර 30 ක යුද්ධයකින් පීඩා වින්දා. ඉන් පසු මෙම ස්වභාවික විපතින් පීඩා විදිනවා. එම ජනතාවට වියළි ආහාර, ඖෂධ වර්ග, දරුවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගෙන තමයි මම උතුරට පැමිණියේ. කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක වල ජනතාවට මෙම ද්‍රව්‍ය අද දිනයේ බෙදා දුන්නා. කඳවුරුවල රෝග පැතිරයාමේ අවධානමක් දක්නට ලැබෙන්නේ නැහැ. කඳවුරුවල සෞඛ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් සහ උපකරණ ලබා දී තිබෙනවා. කඳවුරු ජනතාව ද මට ප්‍රකාශ කළා රෝග පැතිරයාමක් හෝ සෞඛ්‍ය ගැටලුවක් නොමැති බවට. සෞඛ්‍ය සේවා නිසි පරිදි ලැබෙන බව ඔවුන් සහතික කළා. ගංවතුර මට හුරුපුරුදු දෙයක්. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවත් ගංවතුරෙන් පීඩා විදිනවා. රෝග බෝවීම සහ පැතිරයාම වළක්වා ගැනීම තමයි අපගේ ප්‍රධාන අරමුණ වන්නේ. ජනතාවට අවශ්‍ය වියළි ආහාර රජය මගින් අඛණ්ඩව ලබාදෙනවා. ගොවීන්ට වන්දි ලබාදීමටත්, නිවාස ගොඩනැගීම සදහා ආධාර කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා. ලිං පවිත්‍ර කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, නගර හා ජල සම්පාදන අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කරනවා. යුද්ධයෙන් පීඩාවිදි උතුරේ ජනතාව ස්වභාවික විපත් වලට ගොදුරු වූ විට සහන සැලසීම රජයේ වගකීමක්. ජනතාව බේරා ගැනීම සහ අනෙකුත් පහසුකම් සැපයීමේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ පොලීසිය සිදු කරන සේවාව ද අගය කළ යුතුයි. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හමුදාවට සහ පොලීසියට ස්තූතිවන්ත වෙනවා.”
රජය විසින් ගංවතුරෙන් අවතැන්වූවන්ට කිසිදු සහනාධාරයක් ලබා නොදුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළ චෝදනාවකට ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදෙන ලදි.
“අත් දෙක වන වනා ඇවිත් චෝදනා කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. මටත් එහෙම කරන්න තිබුනා. නමුත් මම ආධාර එකතු කරලා ජනතාවගේ ජීවිතය ගොඩනංවා ගැනීමට අවශ්‍ය දේවල් ද සමගයි උතුරට ආවේ. බොරුවට විවේචනය කරලා වැඩක් නැහැ.” යැයි ද අමාත්‍යවරයා ඔඇවසී ය