ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන - හලාවත මාර්ග දෙකක් ජනතා අයිතියට

    දෙසැම්බර් 30, 2018

    නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන යටතේ හලාවත මැල්ලපුර සේදවත්ත හංදිය සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කොළඹ ප්‍රධාන මාර්ගය දක්වා වූ මාර්ගය සහ හලාවත වැල්ල පල්ලිය දක්වා වූ මාර්ගය කපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    හලාවත මැල්ලපුර සේදවත්ත හංදිය සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කොළඹ ප්‍රධාන මාර්ගය දක්වා වූ මාර්ගය සදහා රුපියල් ලක්ෂ දෙසිය දහයක සහ හලාවත වැල්ල පල්ලිය දක්වා වූ මාර්ගය සදහා රුපියල් ලක්ෂ දෙසිය හැත්තෑවක ප්‍රතිපාදන රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන් ලබා දී තිබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya