ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද වාර්තාවක් සුව ඇමැති ඉල්ලයි

    දෙසැම්බර් 31, 2018

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති 104 ක සහ විදේශ ආයෝජන ව්‍යාපෘති 78 ක ප්‍රගතිය පිළිබදව කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    පසුගිය මාස 02 ක කාලය තුල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම පිළිබදව ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

    නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. තව ද 2019 වර්ෂය සදහා රෝහල් වලට අවශ්‍ය මානව සම්පත, ගොඩනැගිලි සහ වෛද්‍ය උපකරණ පිළිබද වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ රෝහල් අධ්‍යක්ෂවරුන්ට මෙහිදී දැනුම් දෙන ලදි.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකය ඉදිරියට කළ යුතු රාජකාරිමය කටයුතු පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් අතර, විමර්ශණ ඒකකය “බිල්ලෙක්” නොවන බව ද අවධාරණය කර සිටියේය. සෞඛ්‍ය සේවකයින් රාජකාරි වේලාවේ දී පෞද්ගලික රෝහල් වල සේවය කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ වංචා පිළිබද පරීක්ෂණ පවත්වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා විමර්ශණ ඒකකයට උපදෙස් ලබා දුන්නේය. රෝහල්වල ගොඩගැසී ඇති සායනික අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරිම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya