ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    68 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්

    දෙසැම්බර් 31, 2018

    පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව පසුගිය දෙසැම්බර් 27 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී. නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන වශයෙන් එය හැදින්විය හැක.

    බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණාවක් වශයෙන් පැවති එම වැඩසටහන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. නාවික හමුදාධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පළමුව කැලණිය රජමහා විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව ධර්ම දේශණාමය පිංකම පැවැත්වීය. එහිදී, උදාවන නව වර්ෂය සඳහා නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියළුම නාවික පුද්ගලයන් හට ආශිර්වාද කිරීම, සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන්හට පුන්‍යානුමෝදනා කිරීම සහ මාතෘ භූමියට සෙත් පැතීම ද එහිදී සිදු කෙරිණි.

    මෙම ආගමික වැඩසටහන සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හා එම මහත්මිය, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya