ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

    දෙසැම්බර් 31, 2018

    දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කෙසේ වෙතත් නැගෙනහිර පළාතෙත් මුලතිවු ,බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක. මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

    සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya