ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    නව වසරේ නව දැක්මකින් හා නව දිරියකින් යුතුව වැඩ අරඹමු - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්

    ජනවාරි 01, 2019

    නව වර්ෂයකට පිවිසීමේදී තිරසර පිළිවෙත අනුව රාජකාරීමය වශයෙනුත්, පෞද්ගලිකවත් නව දැක්මකින් හා නව දිරියකින් යුතුව රාජකාරී ආරම්භ කිරීම රජයේ සේවකයින් වශයෙන් ඉතා වැදගත් වන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2019 වසරට වැඩ ආරම්භ කිරීම නිමිත්ත‍ෙන් පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව කීය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ජාතික ධජය එසවීමෙන් පසු, ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ වූ මෙම උත්සවයේදී යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සිහි කිරීම සදහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබීය.

    අනතුරු ව රැස් ව සිටි දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ඇමතූ නාලක කළුවැව මහතා මෙසේද කීය.

    තිරසර යන වචනයේ පොදුවේ එක් තේරුමක් වන්නේ අනුන් ගැන සිතීමයි. රජයේ ප්‍රමුඛ දෙපාර්තමේන්තුවක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ තිරසර දැක්මට එකතු වෙමින් කරන කාර්ය නිසි ආකාරයට උපරිම කැප කිරීමෙන් හා උපරිම කුසලතාවයෙන් ඉටු කිරීම වැදගත්. 2019 වර්ෂයට එළඹුණු මේ මොහොතේ නව වර්ෂයක් යනු කැලැන්ඩරයේ තවත් එක් දවසක් පමණක් යැයි නොසිතා නැවුම් බලාපොරොත්තු සහිත ව නව වසර ආරම්භ කළ යුතු බවද  නාලක කලුවැව මහතා කීය.

    info2

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya