උදාවූ නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
නව වසර වෙනුවෙන් සමස්ත රාජ්‍ය සේවකයන් වෙත සිය සුබපැතුම් එක් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා, පසුගිය වසරේ මුහුණ දුන් අභියෝගාත්මක සිදුවීම් ද සිහිතබා ගනිමින් උදාවූ වසරේ පැමිණිය හැකි අභියෝග සාමූහිකව ජයගැනීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නේය.
ජනතා දුක් ගැනවිලිවලට සාවධානව සවන් දී ඔවුන්ගේ අපේක්ෂා ඉටුකරදීමට රාජ්‍ය සේවකයන් කැපවිය යුතු බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම කාර්යශූර හා උද්යෝගිමත් සේවාවක් මගින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට එක් වන ලෙස ද උදය ආර්. සෙනෙවිරත්න මහතා සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.
නව වසරේ රාජකාරි ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙන ලදී.
ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.