ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි යයි

    ජනවාරි 02, 2019

    පසුගිය දින කිහිපය තුළ අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැල්මෙන් පීඩාවට පත් ජනතාවට සහන රැගෙන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය පසුගිය දා කිලිනොච්චිය බලා පිටත් විය.

    ඒ අනුව කිලිනොච්චිය මලයාලපුරම් හි විපතට පත් ජනතාවට ලක්ෂ 20 ක් වටිනා සනීපාරක්ෂක භාණ්ඩ බෙදා දීම අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම විපතින් ජාතික සංහිදියාවේ ඇති වටිනාකම මැනවින් හෙළි වූ බවයි. දකුණේ සිංහල ජනතාව මෙම විපතට පත් ජනතාව වෙනුවෙන් බොහෝ අධාර උපකාර කළ බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya