2019 නව වසරේ රාජකාරී කටයුතු ඇරඹීමේ උත්සවය ඊයේ (01) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ. 2019 වසරේ රාජකාරී අරඹමින් රාජකාරියට කැපවීමේ ප්‍රතිඥාව සියලුදෙනාම ලබාදීම ද සිදු කරනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා - 2019 වර්ෂය ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට මෙන්ම මගේ අමාත්‍යාංශවල සේවය කරන සියලු කාර්ය මණ්ඩලවලටත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. 2019 වසර අපේ රටේ කෘෂිකර්මාන්තයට ඉතාමත් වැදගත් වසරක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලබා ගත හැකිබවට අපට ලැබෙන තොරතුරුවලින් සනාථ වී තිබෙනවා.
දෙවියන්ගේ පිහිටෙන් වෙනත් ස්වභාවික ආපදාවක් සිදු නොවුණහොත් අපට මෙවර රටේ සමස්ත සහල් අවශ්‍යතාවය අපේ රටේම නිපදවා ගැනීමට හැකිවනු ඇතැයි අපට විශ්වාසයක් තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර, වාරිමාර්ග, පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අදී අංශ ගණනාවක් මගේ අමාත්‍යාංශය යටතට ගැනෙනවා. මේ සෑම අංශයකින්ම ඉටු කරනු ලබන්නේ රටේ දුක් විදින ජනතාවගේ ජනතා අපේක්ෂාවන්. මේ අමාත්‍යාංශවල රාජකාරී කරන ඔබට හොඳ පහසුකම් ලැබෙනවා. නමුත් ගොවියෝ, ධීවරයෝ වැනි අපේ සහෝදර ජනතාව මහ අව්වේ වේලෙමින්, කරවෙමින්, දහඩිය වගුරවමින් රටේ ජනතාවට කෑමට බත් පත සැකසීමේ කටයුත්තේ නියැලී සිටිනවා.
එවැනි සහෝදර ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ඔබ වෙත ආ විට කිසිම අවස්ථාවක ඔවුන්ගේ අවශ්‍යතා ඉටු නොකර හරවා යවන්නට එපා. මම සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ මහජන සේවය සඳහා කැපවන ලෙසයි.
දැන් මෙතැනදී සේවයට කැපවීමේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මම කියන්නේ ඔය ප්‍රතිඥාව අවුරුද්දකට වාරයක් ලබාදීම නොව එම ප්‍රතිඥාව වසරේ දවස් 365ම ඔබේ හදවත තුළ තබාගෙන කටයුතු කළ යුතු බවයි යැයිද අමාත්‍යවරයා අදහස් පළ කළේය.
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.