ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    මුදල් පනත සංශෝධනය කිරිමට යයි

    ජනවාරි 02, 2019

    මහ බැංකුවේ ස්වාධිනත්වය තහවුරු කෙරෙන පරිදි මුදල් නිති පනත සංශෝධනය කිරිම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇතැයි ශ්‍රි ලංකා මහබැංකුවේ අධිපති ආචාර්යය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා පවසයි.

    මෙසේ මුදල් පනත සංශෝධනය කිරිමෙන් දිර්ඝ කාලීන ගැටලුවක් බවට පත් ව ඇති මහ බැංකුවේ මුලික නොවන හා රාජ්‍ය මුල්‍ය කටයුතු වලට සම්බන්ධ ඇතැම් ක්‍රියාකාරකම් වලට විසදුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ''ශ්‍රි ලංකා මහබැංකුවේ 2019 හා ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම '' එළි දැක්විමෙන් අනතුරුව මහබැංකු පරිශ්‍රයේ අද (02) පැවැති මාධ්‍ය හමුවේ දි මහබැංකු අධිපතිවරයා පැවසීය.

    මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ආචාර්යය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා, මෙම මුදල් පනත සංශෝධනය කිරිම මඟින් ශ්‍රි ලංකා මහබැංකුවේ යහපාලනය වැඩි දියුණු කිරිම මුල්‍ය අංශයේ නිරික්ෂණය ශක්තිමත් කිරිම හා රාජ්‍ය මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්බන්ධිකරණය කිරිම ඉහළ නැංවිම අපේක්ෂා කරන බවත්,මේ සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂඥයින්ගේ ආධාර ලබා ගත් බව කිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya