ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ජනවාරි 05 දා ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි- එදින නිවෙස්වල හා කාර්යාලවල බෞද්ධ කොඩි ඔසවන්නැයි බුද්ධ ශාසන ඇමති ඉල්ලයි

    ජනවාරි 02, 2019

    ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි 05 දා මාතලේ අලු විහාරයේදී පැවැත්වේ.

    ඒ නිමිත්තෙන් එදින සෑම නිවසකම සෑම රාජ්‍ය ආයතනයකම බෞද්ධ කෙ‍ාඩි ඔසවා උපහාර දක්වන ලෙසත් විහාරස්ථානවල ශබ්ද පූජා පවත්වන ලෙසත් බෞද්ධ ජනතාවගෙන් සහ විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ජනාධිපති කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළ ජයවික්‍රම පෙරේරා මහතා ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. රජය එය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කොට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද කීය.

    එමෙන්ම ත්‍රිපිටකය නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධ ශාසන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද ඇමති වරයා සදහන් කළේය.

    ත්‍රිපිටකය ලේඛනාරූඨ කරනු ලැබූ මාතලේ අලු විහාරයේදී පැවැත්වෙන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය නිමිත්තෙන් ජනවාරි 4 දා එහිදී සර්ව තාන්ත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද, පසුදා 1500කට අධික මහා සංඝයා විෂයෙහි සාංඝික දානයක් පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි මෙම මාධ්‍ය හමුවට එක් වූ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවසීය.

    සියලුම නිකායන්හි මහා නායක හිමිවරුන්, සිව් දිගින් වඩින මහා සංඝරත්නය සහ ප්‍රභූ ජනතාවගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද ඒ මහතා කීය.

    මාළිගාකන්ද විද්යෝදය පිරිවේණාධිපති බලංගොඩ සෝභිත හා සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛනාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමිවරුද, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි හාෟ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya