2019 වසරේ ආරම්භය සනිටුහන් කරමින් සිදු කෙරුනු මෙම විශ්‍රාම වැටුප් සහ හිමිකම් ප්‍රදානයේදී සුරැකුම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා ගත් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ප්‍රතිලාභීන් 10 දෙනෙක් වෙත සංකේතවත් ලෙස විශ්‍රාම වැටුප් ප්‍රදානය සිදු කෙරුනි.
මීට අමතරව ආරස්සාව පූර්ව සැළසුම් යෝජනා ක්‍රමයේ දායකත්වය ලබාගත් ප්‍රතිලාභීන්ගේ දරුවන් පස් දෙනෙක් වෙනුවෙන් 05 වසර ශිෂ්‍යත්වය සමත්වීම මුල් කොටගෙන තවත් හිමිකම් හතරක් ප්‍රදානය කරන ලදී.
සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය වසර කිහිපය තුළ මේ වන විට පුදගලයන් 60,000 කට අධික පිරිසක් දායක කොටගෙන ඇති අතර, විශ්‍රාමික වයස් සීමාව සම්පූර්ණ කළ විශ්‍රාම වැටුප්ලාභීන් 2570 කට විශ්‍රාම වැටුප් පිරිනමා ඇත. මීට අමතරව සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයේ දායකත්වය ලබා ගත් පුද්ගලයන්ගේ පවුල්වල දරුවන් තිස් දෙනෙක් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කොට ඇති අතර, මරණ පාරිතෝෂිත 130 කට වැඩි
ප්‍රමාණයක් පිරිනමා තිබේ.
DMU/Kandy