2019 වර්ෂයේ දී විවිධ අංශවල පුහුණු වැඩසටහන් සමඟ යුද්ධ හමුදාව මෙම වැඩපිළිවෙල වැඩිදියුණු කරමින් තවදුරටත් රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බවත්’ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වසරේ පළමු දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති නව වර්ෂයේ රාජකාරී ආරම්භක උත්සවයට සහභාගිවෙමින් තවදුරටත් පැවැසීය.
2019 නව වර්ෂය උදාවත් සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීය ගායනා කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ප්‍රකාශයට පත්කරන ලදි.
ඉන් අනතුරුව, සම්ප්‍රදායානුකූලව රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කළහ.
නව වසරෙහි නව බලාපොරොත්තු ඇතිව ජාතිය වෙනුවෙන් සිය වගකීම් ඉටු කළ යුතු බවත් ඒකීය රටක ජීවත් වන සියලු යුද්ධ හමුදා සාමාජිකයින් නව වසර තුළ සහොදරත්වයෙන් හා සංහිඳියාවෙන් යුතුව රාජකාරි කල යුතු බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙහිදි සියලුදෙනා අමතමින් තවදුරටත් පැවසීය.
ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණිමත් සමඟ උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර, රසකැවිලි සහ අනෙකුත් නව අවුරුදු ආහාර පාන ඇතුළත් තේ පැන් සංග්‍රහය භුක්ති විදීම සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විධායක ජෙනරාල් ඇතුළු යුද්ධ හමුදා මූලස්ථාන මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සමඟින් යුද්ධ හමුදාධිපතිවරය එක්ව සිටියහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහත සියලුම නිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරමින් නව වසර වෙනුවෙන් සුභ පැතුම් ද එක් කළහ.