රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, ඉදිරි සිව් මස ඉලක්ක කර මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය .
ධීවර අමාත්‍යංශයේ සමාජ සංවර්ධන අංශයේ ප්‍රධානින් , ධීවර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානින් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයින් සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (03) පැවතී සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .
මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ධීවර ජනතාව සදහා කඩිනම් සහන සැලසීමට අදාළ යෝජනා 13 ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කළේය .
ඒ යටතේ ධීවර ජනතාවගේ නිවාස ඉදිකර ගැනීමට , ධීවර ආම්පන්න ලබා දීම , ධීවර කාන්තාව සවිබල ගැන්වීම සදහා ස්වයංරැකියා අත්වැලක් ලෙස ආධාර හා උපකරණ මෙන්ම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වෙයි.
විවිධ අනතුරුවලට ලක්වන ධීවර කාර්මිකයින්ට රක්ෂණ වන්දි ලබාගැනීමේ ගැටළුවට පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය .
ඊට විසදුම් ලෙස යම් අනතුරකදී එම ධීවර පවුල්වල ජිවන තත්ත්වය සහ පවුලේ බර සැහැල්ලු කිරීම සදහා ජීවනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය වූ අතර ඒ අනුව කුඩා බෝට්ටු වල ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරකට ලක්වුව හොත් උපරිමය රුපියල් ලක්ෂ 05 දක්වාත් , බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වුව හොත් උපරිමය රුපියල් ලක්ෂ 10 දක්වාත් සහනාධාර මුදලක් ලබා දිමට නියමිතය .
කුඩා බෝට්ටු මගින් නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න ඉහල ගුණාත්මක භාවයකින් යුක්තව ගොඩබිමට රැගෙන ඒම සදහා ෆයිබර් ග්ලාස් පෙට්ටි ලබාදීමට කඩිනමින් කටයුතු කිරීමේ වැදගත් කම මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එමගින් ධීවර ජනතාවට සිය අස්වැන්න සදහා ඉහළ මිලක් ලබාගැනීමට අවස්ථාව උදාවනවා සේම ජනතාවටද ගුණාත්මක බැවින් ඉහළ මාළු ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් එමගින් පසු අස්වනු හානිය අවම කරගත හැකි බවත් කියා සිටියේය .
ධීවර යාත්‍රා සදහා ජීවිතාරක්ෂක යාත්‍රා ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම මගින් අනතුරකදී ධීවර ජනතාවගේ ජිවිත ආරක්ෂා කරගැනීම මහත් පිටිවහලක් බව මෙහිදී අවධාරණ කෙරිණ .
2019 වසරේ අයවැය සදහා යෝජනා ඉදිරිපත් කිරීම පිලිබදව ද මෙහිදී අවධානය යොමු කල අතර . යෝජිත සහන වැඩපිළිවෙල පිළිබද අමාත්‍යවරයා සමග සාකච්ජා කර එම සහන මල්ල කඩිනමින් ධීවර ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
ධීවර කාන්තාව සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල යටතේ ස්වයංරැකියා ආරම්භ කිරීමට මෙන්ම , දැනට ස්වයංරැකියාවල නිරත ධීවර කාන්තාවන් සදහා සුර්ය බලයෙන් ක්‍රියාත්මක යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සහ ඒ පිලිබදව අගමැතිතුමා ඇතුළු රජයට කරුණු දක්වා අවශ්‍ය සහය කඩිනමින් ලබාගැනීමට ද මෙහිදී තීරණය විය .
ධීවර ජනතාව මුහුණ දී සිටින පානිය ජල ගැටලුවට තිරසාර විසදුම් ලබාදීම සදහා ලවන ජලය පිරිසිදු කර ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය .