මෙම වැඩ සටහන සදහා තිස්සමහාරාම,ලුණුගම්වෙහෙර,සූරියවැව,හම්බන්තොට,අම්බලන්තොට,යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මැතිවරණ නිරීක්ෂකයින් සහභාගිවිය.හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතාගේ මගපෙන්වීම අනුව එම කාර්යාලයේ නිලධාරින් එක්ව හම්බන්තොට සර්වෝදය දිස්ත්‍රික් කාර්යාලයේද අනුග්‍රහය මත දැනුවත් කිරීමේ වැඩ සටහන සිදු කෙරිණ.මෙහිදී නිරීක්ෂකයින් සතු කාර්යභාරය ,ඒ සදහා ලබා ගතයුතු අවබෝධය ඇතුලු විෂය ක්ෂේත්රය පොළිබඳ දැනුවත් කිරීම් සිදුවිය.දිස්ත්‍රික්කයේ ඉතිරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයේ නීරීක්ෂකයින් සදහාද ඉදිරියේදී මෙම වැඩ සටහන පැවැත්වීමට නියමිතය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- හම්බන්තොට