එහිදී බෝට්ටු සේවා සපයන්නන් හට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ එක් එක් බෝට්ටු සඳහා වාරයක් නියම කිරීම යනාදී විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රවේශ පත්‍රයක් ලබාදෙමින් සහ අධීක්ෂණ කටයුතු රජය මගින් සිදුකරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට දායකත්වය ලබාදීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. එම අවස්ථාවේදී අදහස් දැක්වූ ගරු අමාත්‍යවරයා පැවසූවේ, වසර ගණනාවක් විසඳුමක් නොමැතිව පැවති තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය තුළ විධිමත් හා ක්‍රමවත් භාවයක් ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට එමගින් දායකත්වය ලබාදිය යුතු බවයි. එහිදී රටේ ආර්ථීකය මෙන්ම තල්මසුන්ගේ ජීවිතයන්හි සුරක්ෂිතභාවය ද ප්‍රමුඛත්වයෙහිලා සැළකිය යුතු බවත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සියලුදෙනා කටයුතු කළ යුතු බවත් එතුමා එහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ,වැලිගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව , වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක , වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් පී. සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, වනජීවි දෙපාර්තමේන්තුව, සංචාරක මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි නිලධාරීන් රැසක් සහභාගී විය.