මෙම ආදර්ශ ගම්මානය නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය නව නිවාස 20ක්, ජල හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම් ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් සමන්විතය.
‘පලමුදිර්චෝලෛ’ ආදර්ශ ගම්මානයේ පවුල් 20 ට නිවාස හිමිකම් ලබා දීමත්, වටිනාකම රුපියල් ලක්ෂ 52ක සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම් ලබා දීමත්, ප්‍රතිලාභීන් 100 ක් සදහා රුපියල් ලක්ෂ 100 ක වටිනාකමින් යුත් ‘විසිරි ණය’ චෙක්පත් ප්‍රදානයත්, ප්‍රතිලාභීන් 321ක් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 1605ක ආධාර චෙක්පත් ප්‍රධානයත්, ප්රතිලාභීන්සදහා වටිනාකම රුපියල් ලක්ෂ 125ක ණය චෙක්පත් ප්‍රධානයත්, ප්‍රතිලාභීන් සදහා ර්ඪ්ඹ් බැංකුව මගින් ස්වං රැකියා ණය ප්‍රදානයත්, දෘෂ්ටි ආබාධ සහිත වූවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානයත් මීට සමගාමී ව මෙදින සිදු කරනු ලබයි.