ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන මේ වසරේ වේගවත් කෙරේ- දැනටමත් ඉඩම් කොටස් 80,000ක් මැන අවසන්

    ජනවාරි 06, 2019

    රජය විසින් ක්‍රියාත්මක කොට ඇති ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන මේ වසරේ වේගවත් කර ඇති බවත් මිනින්දොරු දෙපාර්තමේන්තුව විසින් මෙ වන විට ඉඩම් කොටස් 80,000ක් පමණ මැන ඒවායේ පිඔුරු සකස් කොට අවසන් බව මිනින්දොරු ජනරාල් පී.ඇම්.පී උදය කාන්ත මහතා කීය.

     මේ වසර තුළ නව තාක්ෂණය යොදා ගෙන ඉඩම් මැනිම වේගවත් කිරිමට පියවර ගෙන ඇතැයි උදයකාන්ත මහතා රජයේ නිල වෙබ් අඩවියට කිය.

    පසුගිය මාස දෙකක පමණ කාලයක් මෙම වැඩපිළිවෙළ නතර වි තිබිණි.නමුත් ඉඩම් මැනීම ඉදිරි හය මාසය තුළ වේගවත් කිරිමට කටයුතු යොදා තිබේ .මේ සඳහා ඉිදිරියේ දි මිනින්දොරු දෙපාර්තමේන්තුවට අලුත් කාර්ය මණ්ඩලය බඳවා ගැනිමට රජයෙන් ඉල්ලා තිබෙන බව ද මිනින්දොරු ජනරාල්වරයා තවදුරටත් පැවැසීය.

    මේ අතර මිනිද්දොරු යථාවත් කරන ලද ශ්‍රි ලංකාවේ සිතියම දැන් මුද්‍රණය කොට ඇති අතර එය දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට මිල දි ගත හැකි බව ද උදය කාන්ත මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya