නව දුම්රිය දෙකබලා ගෙනීම ට අතිවිශාල ජනකායක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ සිටි අතර ඔවුහු දුම්රිය මැදිරිවල නැඟ මාතර දක්වා ගමන් කළහ. මෙම විශේෂ දුම්රිය , අනෙකුත් දුම්රිය ස්ථානවල නතර කළ අතර රෙස්ව සිටි ජනයා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිය පල කළහ.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරි ,ඇතුළු නිලධාරිහු ද මෙම චාරිකාවට එක්ව සිටියහ.