මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිවරයාගේ බිරිඳ, ජේ.කේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපතිතුමන් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් ද බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්නා ලදී. එහිදී මහා නායක හිමිවරුන් විසින් නව තනතුරේ රාජකාරීන් මැනවින් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ නාවික හමුදාධිපතිතුමන් හට කෙටි අනුශාසනාවන් ද සිදු කළ අතර, එම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ශක්තිය ලැබේවායි ද ආශිර්වාද කෙරිණි. මහා නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු නාවික හමුදාධිපති වරයා විසින් ගරුතර මහා සංඝරත්ණය උදෙසා අටපිරිකර පූජා කිරීමක් ද සිදු කරන ලදී.
ඉන් අනතුරුව, එතුමා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමුවූ අතර, එහිදී ඔවුන් සුහද පිළිසඳරක ද නිරත විය. ඉන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ නාවික හමුදාධිපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරනු වස් දියවඩන නිළමේතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.