අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (7) පස්වරුවේ , අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අද වන විට ලංකාවේ අනුමත වූ පෞද්ගලික පාසල් 80ක් පමණ තිබෙන අතර , දිවියිනේ විවිධ ප්‍රදේශ වල ජාත්‍යන්තර පාසල් 300ක් පමණ පිහිටුවා ඇත. දිවයිනේ ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුල් කිරීමට නොහැකි වූ බොහෝ දෙමව්පියෝ තම දරුවා පෞද්ගලික පාසල් වලට ඇතුළත් කරති.
මෙම ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමට මේ වන විටත් ස්වාධීන කමිටුවක් පිහිටුවා ඇති බවත් ඉදිරියේදී ඒ සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පවසා සිටියේය.
මෙම ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන්ගේ සුදුසුකම්, පාසලේ ඉඩ ප්‍රමාණය ආදියේ සිට සෑම කරුණක්ම අධීක්ෂණය කිරීම සඳහා ඉදිරියේ දී මෙම සුපරීක්ෂණ මණ්ඩලය පත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියළුම ක්‍රියා මාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
පසුගිය දින කිහිපයේදී අ.පො.ස උ/පෙළ විභාග ප්‍රථිඵල සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ චෝදනා එල්ල කරන බවත් ඒ සියල්ල අසත්‍ය බවත් පැවසූ අමාත්‍යවරයා සියළු දෙනාටම අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය ඇති බවත් පවසා සිටියේය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, උසස් පෙළ විභාගය සඳහා රජයේ මෙන්ම පෞද්ගලික පාසල් අයදුම්කරුවන්ටද ඉල්ලුම් කළ හැකි බවයි.
මෙහිදී අදහස් දැක් වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ජාත්‍යන්තර පාසලක නම සඳහන් වීම නිසා මෙම සිදුවීම ඇති වූ බවත් යම් අපේක්ෂකයෙකු තම ප්‍රතිඵල පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ජනවාරි 16 දින දක්වා නැවත සමීක්ෂණ කටයුතු
සඳහා ඉඩ ලබා දි ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.