මැයි 25, 2025
tami eng youtube  twitter facebook

    “සේනා” අල්ලන්නට “පෙරමෝන් උගුලක්”

    ජනවාරි 08, 2019

    “සේනා” දළඹුවා මර්ධනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ මෙම දළඹුවා මර්ධනය සඳහා ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනට භාවිතා කරන “පෙරමෝන් උගුල” හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

    මෙම පෙරමෝන් උගුල Bucket සහ Delta යනුවෙන් හැඩ දෙකකින් යුක්ත වන අතර, එම උගුලේ අභ්‍යන්තරයේ රඳවන පෙරමෝන් රසායනිකය වෙත “සේනා” දළඹුවාගේ පරිණත අවස්ථාව වන සළබයින්ගේ පිරිටි සතුන් ආකර්ශණය වේ.එමෙන්ම එහි රඳවා ඇති ජලයට වැටී ඔවුන් විනාශ වේ.

     

    මෙම පෙරමෝන් උගුල කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට හඳුන්වාදීම අනුරාධපුර බඩඉරිඟු වගා ක්ෂේත්‍රයකදී සිදු කළ අතර එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ වගා අක්කරයක බිම් ප්‍රමාණයකට මෙවැනි උගුල් 04 ක් හෝ 05 ක් ප්‍රමාණවත් බවයි. එමෙන්ම පෙරමෝන් රසායනිකය සති 02 කට වරක් අලුතින් යෙදිය යුතු අතර සළෙබයින් මර්ධනය කිරීම මඟින් “සේනා” දළඹුවා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකියාව ලැබේ.

     

    පෙරමෝන් උගුල සේනා මර්ධනය සඳහා යොදා ගැනීම පිළිබඳව දැනට සිදු කර ඇති ක්ෂේත්‍ර පර්යේෂණ සාර්ථක වී ඇති අතර බඩඉරිඟු වගාවේ දී එක් උගුලකට එක රැයක් තුළ “සේනා” සළබයින් 15 ත් 30 ත් අතර ප්‍රමාණයක් හසුව තිබූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

     

    “සේනා” දළඹු මර්ධනය සඳහා දැනට ආරම්භ කර ඇති වැඩපිළිවෙල යටතේ මෙම පෙරමෝන් උගුල විකල්ප ක්‍රමවේදයක් ලෙස සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි යැයි නිලධාරීහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya