ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    2015 වසරේ සිට මේ රජය සියලුම ජනතාව ආපදා රක්ෂණයට ලක් කළා- - ඇමතිනි තලතා අතුකෝරළ

    ජනවාරි 09, 2019

    රටේ කොහේ ජිවත් වුණත් අපි එකම වර්ගයක මිනිසුන් ලෙස ජීවත් විය යුතු බවත් 2015 වසරේ සිට මේ රජය සියලුම ජනතාව ආපදා රක්ෂණයට ලක්කර තිබෙන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

     අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ උතුරු පළාතට බලපෑ ගංවතුර උවදුර හේතුවෙන් විපතට පත් වු ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ උපකරණ බෙදාදීමේ අවස්ථාවට ඔඩ්ඩ්සුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එක්වෙමිනි.

     අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා ඊට අයත් ආයතන හා දෙපාර්තමේන්තු වලින් එකතු කරන ලද ආධාර උතුරේ ජනතාවට මෙසේ බෙදාදීම සිදු කරන ලදී.

    එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
    මේ රටේ කොහේ ජිවත් වුණත් අපි එකම වර්ගයක මිනිසුන් ලෙස ජීවත් විය යුතුයි.මම නියෝජනය කරන දිස්ත්‍රික්කය වාර්ෂිකව ගංවතුර උවදුරට පත් වනෙවා වගේම නායයෑම් වලට ලක් වෙනවා.තවමත් 2017 වර්ෂයේ ඇතිවු ගංවතුර හා නායයෑම් ව්‍යසනයට ලක් වු ජනතාවට අවශ්‍ය ආපදා අධාර ලබා දෙමින් තිබෙනවා.ඔබතුමාලගේ ප්‍රදේශය වගේ නෙමෙයි මම නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කය වාර්ෂිකව ගංවතුර ආපදාවට ලක් වෙනවා.2017 වර්ෂයේ ඇති වු ගංවතුර ආපදාවට දිස්ත්‍රික්ක අටක් ලක් වුණා.එහිදී අධි අවදානම් කියලා ඉවත් වෙන්න කියලා කියපු ජනතාවට තවමත් ගෙවල් ඉඩම් දෙන්න බැරි වෙලා තියෙනවා.මේ රටේ උතුර ද දකුණ ද බස්නාහිර ද නැගෙනහිර ද කියලා නැහැ අපි සියලු දෙනාම මේ ආපදා තත්වයට මුහුණ දෙනවා.අපේ ප්‍රදේශවල ගංවතුර තත්වය එක දිගට සුමානයක් විතර අල්ල ගෙන හිටිනවා.ඔබේ ප්‍රදේශයේ ගංවතුර බැහැලා ගියාට පස්සේ නොයෙකුත් රෝගාබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන් .ඒ තත්වයෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීම දෙමාපියන් වන ඔබගේ වගකීමක් හා යුතුකමක් වෙනවා.

    2015 අපේ රජයේ අග්‍රාමාත්‍යතුමා ලෙස පත් වුනු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණය කළා මේ රටේ සියලු දෙනාම රක්ෂණයට ලක් කරන්න.ඒ අනුව මේ රටේ සියලු දෙනාම රක්ෂණයට ලක් වෙලා තිබෙනවා.දැන් මුලික වශයෙන් ආපදාවට ලක් වු මේ ප්‍රදේශයේ ජනතාවට ආධාර ලබා දීලා තිබෙනවා.ආපදා තත්වය අනුව ඉදිරියට ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බව දිස්ත්‍රික් ලෙක්ම්තුමිය සදහන් කළා.ආපදාවට පත් වු අවස්ථාවේ සිට ඔබට අවශ්‍ය පිසු ආහාර හා වියළි ආහාර ඔබට ලබා දෙන බව රජය නියෝජනය කරනු ලබන අය හැටියට අපි දන්නවා.ඒ නිසා මමත් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අනික් නිලධාරීන් අපි කථා කරලා ඔබට සහ දරුවන්ට අවශ්‍ය උපකරණ අර ගෙන ආවා.දින දෙකක් තුළ තමයි මේ අධාර අපි එකතු කර ගත්තේ .

    තවත් දින කිහිපයක් එකතු කළා නම් මීට වඩා එකතු කර ගන්න තිබුණා.මේ සදහා ශ්‍රී ලංකාවේ නීතිපතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයත් මහාභාරකාර තුමා ඇතුළු සියලු දෙනාත් නීති කෙටුම්පත් සම්පාදකතුමා ඇතුළු සියලු දෙනාත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් රස පරීක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් විශාල දායකත්වයක් ලබා දුන්නා .

    2018 වසරේ අපි හතරවතාවක් කිලිනොච්ච්යට අවා.2018 වසරේ කාන්තා දින උත්සවය පැවැත්වුණෙත් කිලිනොච්චියේ.මනෝ ගනේෂන් ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ ජාතික සංහිදියා කාර්යාලය විවෘත කරනු ලබන අවස්ථාවේ ගරු අගමැතිතුමාගේ නියෝජිතයා ලෙස මම සහභාගි වුණා.ඒ වගේම 2018 වසරේ සැප්තැම්බර් 03 වෙනිදා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මැතිතුමා විශ්‍රාම යාමට පෙර කිලිනොච්චිය අධිකරණයට මුල්ගල තියන අවස්ථාවේත් ආවා.මේ හතර වෙනි වතාව.අපි හැම තිස්සේම වැඩ කරන්නේ අපේ රජයේ වගකීම වෙන්නේ මේ රටේ ජීවත් වන ලක්ෂ 220 ම ජනතාව මනුෂ්‍ය යෝ කියන අදහසින් යුතුවයි.අපි අතර තිබෙන සහයෝගය තවදුරටත් තහවුරු කර ගත යුතු බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය

    මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්තිනී ස්කන්ධරාසා අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya