ඌව පළාතේ බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීම 2019 ජනවාරි මස 05 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 24 ක්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 74 ක් සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 12 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 11, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 40 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 5 දෙනෙකු සදහා රු.1,395,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ලබාදෙන ලදී.
මොණරාගල දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 03, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 11 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 1 දෙනෙකු සදහා රු.370,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 10, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 23 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 6 දෙනෙකු සදහා රු. 985,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ලබාදෙන ලදී.
කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් සභා මන්ත්‍රිවරුන් වන උපාලි සමරවීර, ර.මු. රත්නායක, ජයන්ත කන්නන්ගර ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිළධාරීන්ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ඒ.එස්.එම්.මිස්බා, සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී.වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර, ඌව පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි එස්.ගාල්ලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිතය.