අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.11.27 වන දින සහ 2018.12.10 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ රැස්වීම්වලදී ලබාදුන් උපදෙස් අනුව පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබදව කටයුතු කිරීම සදහා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. එහි අනෙක් සාමාජිකයන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ අතිරේක ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා, අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඞී. වික්‍රමරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති (ඔම්බුඞ්ස්මන් කොට්ඨාසය) ඩබ්ලිව්.එම්.එම්. වික්‍රමසිංහ මහතා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කටයුතු කරති.
අතිගරු ජනාධිපතිතුමගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම මහජන හමුව ස`දහා ඉහත කමිටුවේ සාමාජිකයන් ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිත ය.
එබැවින්, පොලිස් නිලධාරීන් ලෙස වෘත්තීයමය වශයෙන් ඔබ මුහුණදී ඇති ඉහත සදහන් ආකාරයේ විවිධ ගැටළු සම්බන්ධ දුක්ගැනවිලි/අභියාචනා පිළිබද විස්තර මෙම මස 17 වන දිනට පෙර පහත සදහන් ෆැක්ස් අංක වෙත එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
නීතිය හා සාමය අංශය - +94 11 288 7238/ +94 11 288 7756
නීතිය හා සාමය අංශයේ ජනපතිට කියන්න තොරතුරු ඒකකය - +94 11 288 7474
වෙබ් අඩවිය - www.lawandorder.lk