ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    තෛපොංගල් සමස්ත ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියා පාන උත්සවයක්

    ජනවාරි 15, 2019

    තෛපොංගල් උත්සවය දමිළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියා පාන උත්සවයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් දින සුබපැතුම් එක් කරමින්කියා සිටියි.

    එම සුභාශිංසන පණිවුඩයේ මෙසේද සඳහන්වේ.

    සරු අස්වැන්නක් ලබාදීමට ප්‍රමුඛ වූ සූර්ය දිව්‍යරාජයා නමදිමින්, ඒ සඳහා උපකාරී වූ ගවයන් ඇතුළු සමස්ත සොබාදහමට කෘතවේදීත්වය පිරිනමමින් පළමු අස්වනු මංගල්‍යය සැමරීම කෘෂිකාර්මික ජන සමාජවල දුරාතීතයේ සිට පැවත එන ප්‍රමුඛ ආගමික පිළිවෙතකි.

    එබඳු ආගමික පිළිවෙතක් ලෙස දකුණු ඉන්දියා වෙන් ඇරඹුණු තෛපොංගල් උත්සවය මේ වන විට ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරන ඉතා වැදගත් ආගමික, සංස්කෘතික උලෙළක් බවට පත්ව ඇත. තෛපොංගල් උත්සවයේ සියලූ චාරිත්‍ර වාරිත්‍ර මිනිසා සහ සොබාදහම අතර සහජීවනය අර්ථවත් කරන අතරම මානව සමාජයේ සාමය, සතුට සහ සෞභාග්‍යය අරමුණු කරගනිමින් ඉටුකෙරේ.

    මෙය දමිළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියා පාන උත්සව අවස්ථාවකි. වාර්ගික, ආගමික අන්තවාදී බලවේග පරදවා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ වටපිටාවක මෙවර තෛපොංගල් උත්සවය සමරන්නට ලැබීම සතුටට කරුණකි. විවිධ ජනවර්ගවල ආගමික, සංස්කෘතික උරුමයන්ට ගරු කරමින් එක්සත්ව දිවිගෙවීමේ අගය අවධාරණය කරමින්, තෛපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya