එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් ( Malacanang Palace ) වෙත ගිය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ්රී ලංකා සහ පිලිපීන ජාතික ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ. එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
රාජ්ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.