ධර්ම ප්‍රචාර කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ සිදු කරන්නා වූ මහා සාසනික මෙහෙවර අගයමින් වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වංශාවතංස දේශාන්තර ශාසනාභිමානි විශ්ව කීර්ති විභූෂණ සාසන ගෞරව සහිත මෙම අභිනව ධූරය උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ. අභිනව මහානායක ස්වාමින් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ මහානායක අතිපූජ්‍ය අම්පිටියේ මංගල මහා නායක ස්වාමින් වහන්සේ , ප්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත උපුල්විල සාසනසුමන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද තානාපතිවරුන් ඇතුථ දෙස් විදෙස් ආරාධිත පිරිසක් පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.
( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )