ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සූර්ය බල බලශක්තියෙන් ඉදිකිරීමට ජල සම්පාදන ව්‍යාපෘති 20ක්

    ජනවාරි 23, 2019

    රට පුරා පානීය ජල ගැටලු පවතින විවිධ ප්‍රදේශවල සූර්ය බල ශක්තියෙන් ක්‍රියා කළ හැකි ජල සම්පාදන ව්‍යාපෘති 20ක් ආරම්භ කිරීමට ජපන් ජාත්‍යන්තර සංවර්ධන අරමුදල එකඟත්වය පළ කර ඇත.

    මේ පිළිබඳ උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

    මෙම ව්‍යාපෘතීන් පිළිබඳ ව ජපානු ටෙක්නොසිස්ටම් ආයතනය විසින් කරන ලද මූලික අධ්‍යයන වාර්තාවක් රවුෆ් හකීම් මහතාට මෙහි දී පිළිගන්වන ලදී.

    එහි දී අදහස් දැක් වූ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා;

    මෙම ව්‍යාපෘතීන් කෙටි කාලයකින් කඩිනමින් ආරම්භ කර,අවසන් කිරීමට සැලසුම් කර ඇති හෙයින් කැබිනට් අනුමැතියක් සඳහා අවශ්‍ය පියවර කඩිනම් කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ ව ගත යුතු පියවර කඩිනම් කරන ලෙසත් නියෝග ලබා දෙන ලදී.

    යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් දූපත,අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් සහ පානම, මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු සහ මුසලි, වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියා දකුණු ප්‍රදේශය, වෙන්ගලචෙඩ්ඩිකුලම්, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරීගම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල, මොරවැව, කුච්චවේලි, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, නුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත, මිනිපේ, ගංගා ඉහළ කෝරලේ, කුරූණෑගල දිස්ත්‍රික්කයේ මුන්දලම, පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය, අම්පාර දිස්ත්‍රික්කයේ පානම යන ප්‍රදේශවල ඉදි කිරීමට යෝජිත ව්‍යාපෘතිතීන් 20ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක් අවශ්‍ය වන බව ඇස්තමේන්තු කර ඇත.

    කොළඹ ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් සකාඉ වරටානි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජපන් දූත පිරිස සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, අතිරේක ලේකම්වරුන් වන ඒ.සී.එම්. නෆීල්, එල් මංගලිකා, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු කේ.ඒ.අන්සාර්, සාමාන්‍යධිකාරී දීප්ති සුමන සේකර ඇතුළු උසස් නිලධාරීන් සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයලත් හේරත් යන මහත්වරු එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya