ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සේනා දළඹුවා මර්ධනය කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම සහාය ලබා දිය යුතුය -මහනුවර දිස්ත්‍රික් ලේකම්

    ජනවාරි 23, 2019

    සේනා දළඹුවා මර්ධනය කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙන යන වැඩසටහන සදහා මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙමින් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ඊට මුල් තැනක් ලබාදිය යුතු බව මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතා දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙන ලදී.

    ඒ අනුව ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු මට්ටමින් මේ උවදුර මැඩ පැවැත්වීම සදහා අවශ්‍ය සියළු කටයුතු යොදන ලෙසත්, කෘෂි කර්ම අංශවල සේවය කරන නිලධාරීන්ට අවශ්‍ය සෑම සම්බන්ධිකරණ කටයුත්තක්ම සළසා දෙන ලෙසත් දිසාපතිවරයා වැඩි දුරටත් උපදෙස් ලබා දෙන ලදී. දිසාපතිවරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ ඊයේ (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.

    සෙසු දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව මහනුවර දිස්ත්‍රික්කයේ සේනා දළඹු හානිය එතරම් ව්‍යාප්ත වී නොමැති බවත්, ඊට හේතුව මහනුවර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගාව එතරම් ප්‍රචලිතව සිදු නොවන නිසා බවත් දිසාපතිවරයා පෙන්වා දෙන ලදී. මහනුවරින්
    සේනා දළඹුවාගේ හානිය පිළිබද මුලින්ම වාර්තා වී ඇත්තේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් බව පැවසූ දිසාපතිවරයා හානි වූ ගොවි ජනතාව වෙත වන්දි ගෙවීම සදහා ගෙනයන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත ලබා ගනිමින් පවතින බවද පෙන්වා දෙන ලදී.

    මහනුවර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ මහනුවර දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවේදී සේනා දළඹුවා පිළිබදවත්, දළඹුවාගේ තර්ජනයෙන් ආරක්ෂා වීම සදහා යොදා ගත යුතු වැඩපිළීවෙල පිළිබදවත් කමිටු සාමාජිකයන් දැනුවත් කරන ලදී. ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස් වැලිගමගේ මහතා සහ සහකාර කෘෂි අධ්‍යක්ෂ දමයන්ති උදලාගම මහත්මිය සහභාගී වූහ. කමිටුවේදී ලබා ගත් දැනුම යොදා ගනිමින් තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළද අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන ලෙසද දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙන ලදී.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya