ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සේනා දළඹු ව්‍යාප්තිය- ගම්පහ දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ඇතුළු එළවළු වර්ග දැඩි පරීක්ෂාවට

    ජනවාරි 23, 2019
    රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ කිහිපයකින් හමුව ඇති බැවින් එම සතුන් ව්‍යාප්තවීම මර්දනය කිරීම සඳහා පිටත ප්‍රදේශයන්ගෙන් රැගෙන එන බඩඉරිඟු ඇතුළු එළවළු වර්ග දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නදීරා අස්සැල්ආරචිචි මහත්මිය පැවසීය. 
     
    පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් දැනුවත් කරමින් සහකාර අධ්‍යක්ෂවරිය මේ බව ප්‍රකාශ කළාය. 
     
    මෙම දළඹුවන් මර්දනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ලෙස සති 02ක් ප්‍රකාශයට පත් කොට තොරතුරු රැස්කිරීම හා ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම මෙන්ම සොයා ගන්නා නව ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරෙන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාව සහ වෑකේ යන ප්‍රදේශයන්හි පිහිටි වගාබිම් මෙන්ම යක්කල , මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක පිටතින් රැගෙනවිත් විවිධ භෝග අලෙවි කරනු ලබන බැවින් දළඹුවන් ව්‍යාප්ත වීම සිදුව තිබෙන බව හඳුනාගෙන ඇති බවත් සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
     
    මෙම දළඹුවන් මර්දනය සඳහා සියුම් වැලි සහ අළු මිශ්‍ර කොට බඩඉරිඟු ගොබයට දැමීම මෙන්ම කොහොඹ ඇට නිස්සාරකය යෙදීම වැනි ක්‍රමවේදයන් සිදු කිරීම සුදුසු වන බව ද සහකාර අධ්‍යක්ෂිකා නදීරා අස්සැල්ආරචිචි මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය. 
     
    DMU- Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya