ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    2024 දී කොළඹ නගරය පැල්පත් නැති ශක්තිමත් නගරයක් බවට පත් කරනවා- ඇමති පාඨලී චම්පික රණවක

    ජනවාරි 24, 2019

    2024 වන විට කොළඹ පැල්පත් නැති ශක්තිමත් නගරයක් බවට පරිවර්තනය කිරීම බලාපොරොත්තුව බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ දෙමටගොඩ ආරාමය පෙදෙසේ ‘සියපත් සෙවණ’ නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු මෙම නිවාස සංකීර්ණය රුපියල් මිලියන 1,064ක ආයෝජනයකින් ඉදිකර ඇත. මෙම මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර වන මෙහි නිවාස ඒකක 266 කින් සමන්විත වන අතර මහල් 15 කින් යුතු මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විත වේ.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති මෙම නිවාස ව්‍යාපෘතියෙහි, දෙමටගොඩ, රාජගිරිය අධිවේගී මාර්ගය ඉදිකිරීම් නිසා අවතැන් වන ආරාමය පෙදෙස නිවැසියන්, කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් අවතැන්වන ජනතාව සහ ස්ටේඩියම්ගම ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් පදිංචි කරවීමට සැලසුම් කර ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘1958 බණ්ඩාරනායක රජයේ පටන් 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය දක්වා කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදී තිබෙන්නේ 9,889යි. විශේෂයෙන්ම අපි එතනදි මතක් කළ යුතුයි රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයෙත් විශාල නිවාස ප‍්‍රමාණයක් එකතු උනා. නමුත් නිවාස ලබාදී තිබෙන්නේ 58 සිට 2014ට නිවාස 9,889 යි. නමුත් මෙම රජය යටතේ අපි 2019 වන විට නිවාස 15,799 ක වැඩ කටයුතු නිම කරන්න කටයුතු කරන බව කිව යුතුයි. ඒ වගේම 2020 වන විට නිවාස 20,000 ක වැඩ කටයුතු නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 2024 වන විට අපේ බලාපොරොත්තුව කොළඹ පැල්පත් නැති ශක්තිමත් නගරයක් බවට පරිවර්ථනය කිරීමයි. ඒ ප‍්‍රශ්නය සදහටම විසඳන්න අපි කි‍්‍රයා කරනවා. අපේ ඉතාමත් විශාල ණය බරක, ණය ගිණිකන්දක තිබෙන අවස්ථාවක තමයි අපි මේ ප‍්‍රශ්නය විසඳන්න මැදිහත් වෙලා තිබෙන්නේ.

    අපේ ගරු අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ මෙම රජය මගින් මේ වසරේ අයවැය ඉදිරිපත් කරනවා. ඒ අයවැයේ රටේ සංවර්ධනයට විශේෂයෙන්ම ප‍්‍රාග්ධනය වැඩි කරන්න, පාරවල් හදන්න, නිවාස හදන්න, ජලය දෙන්න, විදුලිය දෙන්න මේ හැම දේටම අපට තිබෙන්නේ බිලියන 800 ක් පමණයි. හැබැයි අපට ණය ගෙවන්න තිබෙනවා බිලියන 2,300 ක. එහි තේරුම මොකද්ද? සංවර්ධනය කරන්න තිබෙනවා වගේ තුන් ගුණයක ණය අපි ගෙවිය යුතු බවයි. මම පාර්ලිමේන්තුවේ සිටි දශක එකහමාරක කාලය තුළ මෙවැනි තත්වයක් අයවැය තුළින් කවර අවස්ථාවකවත් දුටුවේ නැහැ. වෙන විදිහකට කියනවා නම් අද අපි ණය ගන්න ඒවයින් 75% ක් ගෙවන්නේ පරණ ණය ගෙවීමට මිස අලූත් සංවර්ධනයකට නෙමෙයි. මේ බැරෑරුම් ප‍්‍රශ්න විසඳීමට අපට තිබෙන්නේ ඉතාමත් සීමිත මුදල් ප‍්‍රමාණයක්. මෙම කටයුතුවල බැරෑරුම්කම ගැන නොසිතා අපි බාරගෙන කටයුතු කරනවා යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya