එහිදී 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විශාලතම ජාත්‍යන්තර යොවුන් සම්මේලනය වන “AIESEC ජාත්‍යන්තර සම්මේලනය” පිළිබඳව විශේෂ සාකචිඡාවක නිරත විය. එම අවස්ථාවේදී AIESEC ජාත්‍යන්තර සම්මේලනයේ නිල මුද්‍රාව එළිදැක්වීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙය ජාත්‍යන්තර ප්‍රජාවගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වඩාත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන වාර්ෂික සමුළුවකි. මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ යොවුන් නායකත්වය, සංස්කෘතික විවිධත්වය සහ ගෝලීය සංහිඳියාව සැමරීමයි. පළමුවරට ශ්‍රී ලංකාවේ මෙම ජාත්‍යන්තර සමුළුව
පැවැත්වූයේ 1995 වර්ෂයේ දී ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් AIESEC ශ්‍රී ලංකා සංවිධානය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වන අතර වසර 23 කට පසුව 2019 වසරේ දී එම මහඟු අත්දැකීම නැවත වරක් ලාංකේය තරුණ ප්‍රජාව වෙත ලැබී තිබීම විශේෂත්වයකි. මෙවර එම ජාත්‍යන්තර සමිමේලනය ශ්‍රී ලංකාවේ පවත්වන්නේ 71 වන සැසිවාරය ලෙසිනි. ඒ අනුව “AIESEC ජාත්‍යන්තර සමිමේලනය” 2019 ජූලි 06 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත. මේ සඳහා රටවල් 120කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරුණ නායකයින් 800 ක් පමණ සහභාගී වීමට නියමිත අතර මෙය Global Village, Youth Speak Forum සහ World’s Largest Lesson වැනි අංගයන්ගෙන් ද සමන්විත වේ.
දැනට ලොව පවතින සංවිධාන අතරින් තරුණ ප්‍රජාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ සංවිධානයක් ලෙස AIESEC ජාත්‍යන්තර සංවිධානය හඳුන්වා දිය හැකිය. ස්වාධීන සංවිධානයක් වන මෙය ලාභය අරමුණු කර නොගැනීම විශේෂත්වයකි. තරුණ නායකත්ව ශෛලීන් හා කුසලතා සංවර්ධනය මෙන්ම එම නායකයින් සඳහා ගෝලීය මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරීම යන ප්‍රධාන අරමුණු පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සංවිධානය ලක්ෂ 09 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම් ලද්දකි.