`මාතලේ දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු හෙක්ටයාර් 400ක් පමණ වගා කර ඇති බවත් එයින් හෙක්ටයාර් 65කට පමණත් ගෝවා වගා බිම් හෙක්ටයාර් එකකටත් සේනා දළඹුවා හානිකර ඇති බව මාතලේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශක අයි.ජී.එම් ජයතිලක මහතා පැවැසීය.
ජනවාරි 22 දින පැවති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මෙම තොරතුරු අනාවරණය විය.
2019.01.20 වන විට ලංකාව පුරා බඩ ඉරිගු හෙක්ටයාර් 81855ක් වගාකර ඇති අතර එයින්හෙක්ටයාර් 48956ක ප්‍රමාණයක් සේනා දළඹු වසංගතයට ගොදුරු වී ඇති බවද ජයතිලක මහතා පැවැසීය. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව යන ප්‍රදේශවල බහුල වශයෙන් සේනා දළඹු හානිය වාර්තා වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත කෘමිනාශක නියමිත මාත්‍රාවෙන් යෙදීමෙන් වසංගතය පානය කරගත හැකි බවද ඒ මහතා පැවසීය.
මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.
DMU/Matale