ඒ අනුව ජනවාරි 31 දින දවස පුරා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.මේ සදහා ජාතික පාසල් 06ක් සහභාගිවීමට නියමිතය. හම්බන්තොට ලේකම්එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර හා අතිරේක ලේකම් සී.ඒ සුනෙත් ලෝචන යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මෙය සංවිධානය කෙරේ.
මෙහි මාතෘකා 06ක් තරගය සදහා ඉදිරිපත් කර ඇත. එනම් 01.1948 න් පසුව ජාතියක් වශයෙන් සැබෑ නිදහසක් ලැබුණි/නොලැබුණි. 02.විදේශීය ආක්‍රමණයෙන් සමාජ ආර්ථික වශයෙන් කරන ලද බලපෑම රටේ සංවර්ධනයට හේතුවිය/නොවීය. 03.නිදහසින් පසු ජාතීන් වශයෙන් පුරවැසියන්ට සමානාත්මතාවයෙන් ජීවත්වීමට ඇති වටපිටාවක් නිර්මාණය වී ඇත/නොමැත. 04.නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ සැම දරුවෙකුටම සමාන හා සාධාරණව හිමිවී ඇත/නොමැත. 05.ශ්‍රී ලංකාව සැබවින්ම නිදහස ලැබූ රටකි/නිදහස නොලැබූ රටකි. 06.නිදහස ලැබීම රටක් සංවර්ධනයට හේතුවේ/නොවේ.යනුවෙනි.
10-13 ශ්‍රේණි නියෝජනය වන ලෙස ළමයින් තෝරා ගෙන එක් කණ්ඩායමක් සදහා 05 දෙනෙකුගෙන් සමන්විතව සහභාගිවිය යුතුය.මෙයින් ජයග්‍රහණය කරන 01,02, ලබා ගන්නා කණ්ඩායම් සදහා පෙබරවාරි 04 වන දින පැවැත්වෙන නිදහස් දින සැමරුම් හම්බන්තොට දිස්ත්‍රික් උත්සවයේදී කුසලාන හා සහතික පිරිනැමේ.සහභාගිවන සියලු දෙනාටද සහතික පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙම වැඩ සටහන සදහා අනුග්‍රහාක දායකත්වය පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සිදු කරයි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -හම්බන්තොට )