පසුගිය පාලකයින් මෙරට සදාකාලික අයිතිකරුවන් ලෙස කටයුතු කරමින් ජනතා බදු මුදලින් ඉදිකරනු ලැබූ නිවාස හා මහජන දේපළ තම පවුල් පරම්පරාවට පමණක් අයිති කරගත් බවත්, නමුත් වත්මන් යහපාලන රජයේ අප මෙරට සදාකාලික අයිතිකරුවන් ලෙස නොව තාවකාලික භාරකරුවන් ලෙස කටයුතු කරමින් ජනතා බදු මුදලින් ඉදිකළ නිවාස ජනතාවටම ලබා දීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
නිවාස හිමිකම ලබා ගැනීමට සුදුසු ජනතාවට සහන මිලට නිවාස ලබා දීම වෙනුවෙන් ඉදිකෙරෙන මොරටුව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් පසුගිය පාලකයින් ඔවුන්ගේ ගෝලබාලයින් යොදවා බලහත්කාරයෙන් අත්පත්කර ගැනිමේ ප්‍රයත්නයක නිරත වන බවත්, එම නීති විරෝධී ක්‍රියාවලිය තමන් තරයේ හෙළා දකින බවත් පැවසූ අමාත්‍යවරයා මහජනතාවට හිමිවිය යුතු නිවාස පසුගිය පාලකයින් බලහත්කාරයෙන් කොල්ල කෑමට උත්සහ කරනවා නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවත් මෙහිදි වැඩිදුරටත් පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩක රජිත අසංක ක්‍රීඩකායාට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් ඊයේ (24) දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගි වෙමිනි.
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඔහු වෙත මෙම නිවස නොමිලේ පිරිනැමුණ අතර සියලු පහසුකම් සහිත මෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක අධික වේ. හම්බන්තොට, බඳගිරිය පදිංචි රජිත අසංක ක්‍රීඩකයා 2018 වසරේ පැවැති 20/20 ආබාධිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වූ අතර ඔහු එම තරගාවලියේ අවසන් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගෙන ඇත. ඔහු 2005, 2007, 2012, 2018 ආසියානු ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වී ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක්ද හිමිකරගෙන ඇත.
මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල යන මහත්වරුද එක්ව සිටියහ.