ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    “ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමේ සිට සිදුකරන සේවය විශිෂ්ටයි -අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 25, 2019

    බාල දක්ෂ ව්‍යාපාරය මගින් සමාජයට නායකත්වය සපයන නායකයින් බිහිකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙන අතර, අභියෝගවලට මුහුණ දීමටත්, සාමූහික ව කටයුතු කිරීමටත්, නිවැරදි තීරණ ගැනීමටත් කුඩා කල සිට ම දරුවන් හුරුකරවීමට මේ හරහා ලබාදෙන ශක්තිය මහත් පිටුබලයක් සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා පවසයි.

     

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 12 වැනි ජාතික කබෝරිය පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

     

    බාලදක්ෂ සංගමය මඟින් වැදගත් ජාතික මෙහෙවරක් පාසල් මට්ටමේ සිට ස්වේච්ඡාවෙන් සිදු කරමින් සිටින බවත්, මෙම සේවය ඉතා ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට සමත් වී තිබීම අතිශයින් ම අගය කරන බවත් විශේෂයෙන් ම තමා ද පාසල් යන අවදියේ දී බාල දක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ ව සිටි නිසා ඒ තුළින් ලැබෙන පන්නරය සහ ශක්තිය අත්දැකීමෙන් ම හඳුනාගෙන සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    12 වැනි ජාතික කබෝරිය වෙනුවෙන් සකස් කළ බාල දක්ෂ ලාංඡනය, බාලදක්ෂ ලේන්සුව, බාල දක්ෂ ගීතය සහ බාල දක්ෂ වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහි දී සිදුකෙරුණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා ප්‍රමුඛ නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස්, පෝතක බාල දක්ෂ කොමසාරිස්, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂ කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන් මෙන්ම බාල දක්ෂ ආචාර්යවරුන්, බාලදක්ෂ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ලෝකයේ රටවල් 170ක් තුළ මිලියන 42කට අධික සාමාජික පිරිසක් සාමාජිකත්වය දරමින් ක්‍රියාත්මක වන බාල දක්ෂ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරය නියෝජනය කරමින් සාමාජිකයන් 70000කට ආසන්න පිරිසක් ක්‍රියාකාරීව සිටී.

     

    ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ප්‍රමුඛ දේශපාලන නියෝජිතයින් පිරිසක් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya