ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් මෙම බලයෝධ කට්ටලය කොළඹ දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරයි.
මෙහි ආරම්භක අවස්ථාව සදහා ප්‍රවාහන හා සිවිල් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ඒ.කේ. ජයම්පති සහ දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වෙති.
කොළඹ දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන මෙම දුම්රිය කිලිනොච්චිය හා යාපනය දුම්රිය ස්ථානවල නතර කෙරෙන අතර යාපනය මණ්ඩපයේ සිසුන්ගේ ගමන් පහසුව උදෙසා ඉදි කෙරුණු අරවියන්නගර් උප දුම්රිය ස්ථානයේ නතර කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මෙම දුම්රියේ වායු සමීකරණය කළ මැදිරි මෙන්ම සාමාන්‍ය මැදිරි ද ඇති බවද ප්‍රනාන්දු මහතා කීය.
මෙලෙස මගී අයිතියට පත් කිරීමෙන් පසු දෛනිකව කොළඹ කොටුව හා කන්කසන්තුරය දක්වා ධාවනය කරන උත්තර දේවී දුම්රිය වෙනුවෙන් මෙම බලයෝධ කට්ටල දුම්රිය ධාවනය කරයි. මෙම දුම්රිය ගමන් කිරීම වෙනුවෙන් විශේෂ ප්‍රවේශ පත්‍ර සීමිත සංඛ්‍යාවක් නිකුත් කරන අතර මගී ජනතාවට එම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන කොළඹ කොටුව සිට කිලිනොච්චිය හා කන්කසන්තුරය බලා එම දුම්රියෙන් ගමන් කිරීමට අවස්ථාව තිබේ.