ඒ අනුව “ශිල්ප අභිමානී” හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට හා තරඟයට සහභාගි වු ශිල්පීන් අතුරින් 5000 කට මෙම වසරේදී පළමු අදියර යටතේ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කර ගැනීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම ඩිජිටල් තාක්ෂණය අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය සදහා හදුන්වා දී ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් පුහුණු කිරීමටත් ඒ මගින් අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් කර්මාන්ත , වානිජ ,දිගුකාලීන අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
පසුගියදා අපේ ගම පරිශ්‍රයේ පැවති ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල “ශිල්ප අභිමානී “- 2018 උළෙලේදී අදහස් දැක්වූ අමාත්‍යයරයා ප්‍රකාශ කළේ ලක්සල ආයතනය විසින් හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නියමිත වේලාවට ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවයි. ලක්සල ආයතන විසින් ගෙවිය යුතුව තිබෙන ණය මුදලින් රුපියල් මිලියන 600 ක් ගෙවා අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
ශිල්ප අභිමානි හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා තරගය පළාත් නවයම ආවරණය වන පරිදි පැවැත් වූ අතර එයින් තෝරා ගන්නා ලද නිර්මාණ ජාතික තරගය සදහා ඉදිරිපත් කර තිබේ. එම ජාතික තරගයේදී සාම්ප්‍රදායික හා නුතන අංශයෙන් ස්වර්ණ සම්මාන 2ක් පිරි නමන ලදි.
මෙම ස්වර්ණ සම්මාන සමගින් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දෙන අතර පළමු ,දෙවන.හා තෙවන හා කුසලතා ලබන ජයග්‍රාහකයන් හට වටිනා සහතික පත් හා කුසලාන ඇතුළුව මුදල් ත්‍යාග ද පිරි නැමීමට කටයුතු කර ඇත.
මෙහිදී නුතන අංශයෙන් විවිධ ආභරණ ක්ෂේත්‍රයෙන් පොල්කටුවලින් නිර්මාණය කරන ලද මාල පෙති කට්ටලය නිර්මාණය කරන ලද කේ.එම්.සමන් කුමාර මහතා ස්වර්ණ සම්මානය හිමි කර ගත් අතර සාම්ප්‍රදායික අංශයෙන් ස්වරණ සම්මානය හිමි කර ගත්තේ සේසත් යුගල නිරිමාණය කළ එස්.ජේ.බුද්ධික බාලසුරිය මහතා විසිනි.
මෙහිදී රජත සම්මාන 17 ක් ,ප්‍රථම ස්ථාන 54 ක් දෙවන ස්ථාන 56 ක් හා තෙවන ස්ථාන 55ක් කුසලතා සම්මාන 263 ක් පිරි නමන ලදී .