මැයි 31, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා

    ජනවාරි 25, 2019

    ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ඇත. ස්වාධීන අධිකරණයක් පිහිටුවා ඇත.අද විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවට එරෙහිව කතා කරන්නේ පසුගිය දා ලබුණු සාධාරණ තීන්දුව ඉවසා ගත නොහැකි නිස යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    පසුගිය රජය සමයේ තනතුරු පත් කළ ආකාරය ජනතාවට අමතක නැති බවත් වත්මන් රජය යටතේ ව්‍යවස්ථාදායක සභාව මඟින් සියලු පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කෙරෙන බවත් අවසන් තීරණය පාර්ලිමේන්තුව සතුවන බවත් පැවසී ය.

    මෙහිදී අඳහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, ව්‍යවස්ථාදායක සභාව සියලු පත්වීම් විනිවිදභාවයෙන් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ අධිකරණයට අන්තර්ජාතික ශයෙන් විශාල ගෞරවයක් ඇති වී තිබෙන බවත්   පැවසී ය.

    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ,ව්‍යවස්ථාදයක සභාව  උසස් නිලතල සඳහා පත් කිරීමට බලය දී තිබෙනවා . 19 වැනි ව්‍යවස්ථාවට මේ සියලු දෙනා එදා ඡන්දය ලබාදුන්නා යැයි ද පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ, වත්මන් ව්‍යවස්ථදායක සභාව දේශපාලණීකරණය නොවී කටයුතු සිදු කරන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya